ක්‍රීඩා

ඔස්ට්‍රේලියා T20 කණ්ඩායමට අලුත් නායකයෙක්

ඔස්ට්‍රේලියා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නව නායකයෙක් ව නම්කර තිබේ.

 

ඒ මිෂෙල් මාර්ෂ් ය.

 

ලබන වසරේදී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස ද ඔහුව පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි එරට මාධ්‍ය පවසයි.

 

මේ අතර දකුණු අප්‍රිකාවේ සංචාරය සඳහා නවක ක්‍රීඩකයින් තිදෙනෙක්ව නම්කර ඇති බව වාර්තා වෙයි.

 

වමතින් වේග පන්දුයවන ස්පෙන්සර් ජොන්සන්, සහ තුන් ඉරියව්වෙන්ම දක්ෂයින් වන ආරොන් හාර්ඩි හා මැට් ෂෝර්ට් එම ක්‍රීඩකයින් ය.

 

 

ඉන්දියාවේ දී ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භවන ලෝක කුසලාන ඕවර 50 තරගාවලිය සඳහා පැට් කමින්ග්ස් ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.

 

නමුත් ඉන් අනතුරුව එම කණ්ඩායමේ නායකත්වයත් මාර්ෂ් ට හිමිවෙතැයි අනුමාන කෙරේ.

Related posts

දකුණු අප්‍රිකා නායකයාට තරගාවලිය අහිමී වෙයි

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් එංගලන්තයට කඩුලු 08ක ජයක්.

Editor O

ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළ් කරගැනීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment