දේශීය

ඩෙංගු රෝගීන් 55,000 ඉක්මවයි

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් තිබේ.

 

ඒ අනුව අද දිනය වන විට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,049ක් බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

 

මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප 52ක් හඳුනාගෙන ඇති අතර ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය ගණන 36ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මැයි මාසයේ දී ඩෙංගු රෝගීන් 9,696ක් වාර්තා වුව ද ජුනි සහ ජූලි මාසවල දී එය ක්‍රමයෙන් අඩු වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය පෙන්වාදෙයි.

 

ජුනි මාසයේ දී ඩෙංගු රෝගීන් 9,916 දෙනෙකුත් ජූලි මාසයේ දී රෝගීන් 5,729කුත් වාර්තා වී තිබේ.

 

කෙසේවෙතත් තවදුරටත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එම සංඛ්‍යාව 11,929ක් වේ.

 

කොළඹ දිස්ත්‍රික්කයෙන් 11,833කුත් කළුතර දිස්ත්‍රික්කයෙන් 3,553කුත් වාර්තා වීමත් සමග බස්නාහිර පළාතෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 27,315ක් බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

 

මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,841 දෙනෙකුත් පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,869කුත් රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,226 කුත් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,210කුත් වාර්තා වී තිබේ.

Related posts

මුදල් ප්‍රතිපත්තිය වෙනස් නොකිරීමේ තීරණයක්

Editor O

පාසල්වල කාල පරිඡේද ගණන 07ට අඩු කරයි.

Editor O

මාර්ගවල ධාවන තරඟ පවත්වන්නන්ට අද සිට වැඩ වරදියි

Mohamed Dilsad

Leave a Comment