දේශීය

ජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා පත්කර තිබේ.

 

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අදාළ පත්වීම් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකර ඇත.

 

අනතුරුව ජාතික අධ්‍යාපන අයාතනයේ දී ප්‍රසාද් සේතුංග මහතා නව ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.

 

මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා ජපානයේ ත්සුකුබා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

 

එතුමා ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය, ගුරු වෘත්තීය සංවර්ධනය, අන්තර්කරණ අධ්‍යාපනය, පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ අත්දැකීම් රැසක් සහිතව ක්‍රියාකාරීව කටයුතු කරන විද්වතෙකි.

Related posts

අන්තර් පළාත් බස් සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

Mohamed Dilsad

ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට

Editor O

කොළඹ වාරයේ බටහිර පර්යන්තය අදානි සමාගම සමඟ එක්ව සංවර්ධනය කිරීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment