දේශීය

තරුණයින් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාරයක්

ත්‍රිකුණාමලය, කුච්චවේලී ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

 

පොලීසිය පැවසුවේ, වෙඩිතැබීමෙන් තුවාල ලැබු තරුණයෙන් කුච්චවේලී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත මාරු කර යැවු බවය.

 

අද අලුයම 1.15ට පමණ වෙඩිතැබීම සිදුව ඇති අතර, වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇත්තේ 18 හැවිරිදි සහ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

 

ඔවුන් ජයනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබේ.

 

 

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

Mohamed Dilsad

රාජ්‍ය සේවක වැටුප අපේ‍්‍රල් 8 වැනිදා

Mohamed Dilsad

මැතිවරණය සඳහා නිරීක්ෂකයන් 3000ක් යොදවා තිබෙනවා – පැෆරල්

Editor O

Leave a Comment