දේශීය

කටුනායකින් ජපන් ගිය යානය මඟදි හැරී ආ හේතුව

ජපානයේ නරීටා බලා පිටත් වු ශ්‍රීලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ.

 

මගීන් 301 දෙනෙකු සමග “ඒ 330 – 300” එයාර් බස් වර්ගයේ ගුවන් යානය ඊයේ රාත්‍රී 8.20ට පමණ ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

 

කෙසේවුව ද කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 02යි විනාඩි 25ක පමණ කාලයකට පසු යානය නැවත ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වු බව වාර්තා වේ.

 

එහිදී මගීන් හෝ කාර්යය මණ්ඩලයේ කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

 

පසුව ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමුකිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි – සුවය ලැබූ ගණන 98 දක්වා ඉහළට

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

පොලී අනුපාත අඩු වීම ඉදිරි සති කිහිපය ඇතුළත

Mohamed Dilsad

Leave a Comment