දේශීය

බැංකු පොලිය සහ වාහන ගැන රජයෙන් දැනුම්දීමක්

උද්ධමනය අඩුවීමට සමාන්තරව ඉදිරි මාස දෙක තුළදී වෙළෙඳපොළ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ එහිදී බැංකු පොලී අනුපාත ද පහළ යනු ඇති බවය.

 

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (19) පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ මේ වසරේ වාහන ආනයනයට අවසර ලබාදීමේ ඉඩක් නොමැති බවය.

 

මේ අතර ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන එක්සත් රාජධානිය සමග අද සිට භාණ්ඩවලින් 92%ක් තීරුබදු රහිතව ගනුදෙනු කළ හැකි බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.

 

එමඟින් ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා එක්සත් රාජධානියේ වෙළෙඳපොලේ තරඟකාරීත්වය ඉහළ යනු ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.

 

සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සඳහා වන එක්සත් රාජධානියේ නව වෙළෙඳ වැඩසටහන අද සිට ක්‍රියාත්මක වන අතර ඉන් ප්‍රතිලාභ හිමිවන රටවල් 65ට ශ්‍රී ලංකාවද ඇතුළත්ය.

Related posts

මහරදී මියගිය රැඳවියන්ගේ සිරුරු සම්බන්ධ නියෝගය අද

Mohamed Dilsad

යුද හමුදා වෑන්රථයක් අනතුරක

Mohamed Dilsad

දේවගැති ජෙරම් අදත් එයි

Mohamed Dilsad

Leave a Comment