ප්‍රමුඛ පුවත 1

කේරලා ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එරුක්කුලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන  තිබේ.

නච්චිකුඩා ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදි සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් පමණ නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අඩම්පන් පොලීසිය වෙත බාරදුන් බව නාවික හමුදාව පවසයි.

Related posts

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය

Mohamed Dilsad

සෞඛ්‍ය ආරක්ෂිත දන්සැල් ගැන දැනගන්න දුරකතන අංකයක්

Mohamed Dilsad

ඩොලරය 166 පනී

Mohamed Dilsad

Leave a Comment