ප්‍රමුඛ පුවත 1

කේරලා ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එරුක්කුලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන  තිබේ.

නච්චිකුඩා ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදි සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් පමණ නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අඩම්පන් පොලීසිය වෙත බාරදුන් බව නාවික හමුදාව පවසයි.

Related posts

උත්සව සමය හේතුවෙන් ඉන්ධන මිල සංශෝධනය නොකෙරේ

Mohamed Dilsad

ඩෙංගු මර්දන සතිය අද ඇරඹේ

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ට තාවකාලික විදෙස් ගමන් තහනමක්

Mohamed Dilsad

Leave a Comment