දේශීය

වන්දනාවේ ගිය වෑන් රථයක් අනතුරක

පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ මියන්කුලම ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබුවන් අතර පිරිමි පුද්ගලයින් 3ක්, කාන්තාවන් 6 දෙනෙක් සහ දරුවන් දෙදෙනෙකු ද වන බවය.

 

ඊයේ (04) සවස් කාලයේදී පොළොන්නරුව දෙස සිට සේරුවිල දෙසට ධාවනය වූ වෑන් රථයක පිටුපස ටයරය පුපුරා ගොස් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකට පෙරළි අනතුර සිදුව තිබුණි.

 

තුවාලකරුවන් වාලච්චේන රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහල වෙත මාරු කර යවා ඇත.

 

තුවාල ලැබූවන් වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් වන්දා ගමනක් යමින් සිටිය දී එම අනතුරට මුහුණ දී තිබේ.

 

වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

New Fortress ගනුදෙනුවට එරෙහිව ජවිපෙ අධිකරණය හමුවට

Mohamed Dilsad

රට පුරා පොලිස් ඇදිරි නීතිය[RELEASE]

Mohamed Dilsad

හෙද පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment