දේශීය

ළමුන් 40ක් ලෙඩ කළ හික්කඩුවේ හෝටලයක් වටලයි

හික්කඩුව ප්‍රදේශයේ ප්‍රධානපෙළේ හෝටලයක ක්‍රීඩා තරගයක් සඳහා සහභාගිවූ ළමුන් 40ක් ආහාර විෂවීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

 

ඒ හේතුවෙන් අදාළ හෝටලය හික්කඩුව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු විසින් පරීක්ෂාවට ලක්කර තිබුණි.

 

එහිදී අනාවරණය වී ඇත්තේ, හෝටලයේ ජල ටැංකිය අපවිත්‍රව තිබු බවය.

 

ඒ අනුව, ජලය සහ ආහාර සම්පල කළුතර රස පරීක්ෂක කාර්යාලය වෙත යොමුකළ බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු පැවසීය.

 

මේ අතර මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු විසින් එම හෝටලයට නඩු පැවරීමට ද කටයුතු කර තිබේ.

 

තවත් හික්කඩුව නගරයේ ප්‍රධාන හොටල් කිහිපයක් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු විසින් පරීක්ෂාවට ලක්කර තිබුණි.

 

එහිදී ආහාර පාන වැරදි ලෙස ගබඩා කළ පරිශ්‍ර සහ අපවිත්‍ර වූ හෝටල් 4ට නඩුපවරා ඇත.

 

ඒ අනුව හොටල් 5කට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පැවරීමට නියමිතව තිබේ.

Related posts

පාර්ලිමේන්තුව යළිත් කැඳවන ලෙසට විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

ඊයේ හඳුනාගත් ආසාදිතයන් තිදෙනෙකුට කොරෝනා නැති බව තහවුරු වෙයි

Mohamed Dilsad

ඡන්දය නොපැවැත්වීම ගැන ගොනුකළ පෙත්සම් පිළිබඳ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment