දේශීය

ප්‍රදේශ කිහිපයකට වැසි

මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (31) මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

Related posts

මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට අද සිට ගුවන් තොටුපළ යළි විවෘතයි

Mohamed Dilsad

සපුගස්කන්දෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා මාකොළින් හමුවේ

Mohamed Dilsad

විසි වන සංශෝධනයේ කෙටුම්පත් නීතිපතිවරයා වෙත

Mohamed Dilsad

Leave a Comment