දේශීය

රාජ්‍ය ආයතන 40ක් වසා දමනවා – මුදල් රාජ්‍ය ඇමති

ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමට අපේක්ෂිත විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවක් ලබන 20 වනදා පැවැත්වෙයි.

 

එහිදී ගන්නා තීරණ දැනුම්දීම සඳහා ලබන 21 වනදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.

 

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියාද එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබේ.

 

මෙම විස්තීරණ ණය පහසුකම අනුමතවීමෙන් පසු මේ වසරේ සිව්වන කාර්තුවේදී මෙරට ආර්ථිකය ස්ථාවරත්යට පත්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

 

විස්තීරණ ණය පහසුකම් ලැබීමෙන් පසු රජයේ ආර්ථික සැලසුම් මොනවාදැයි අද දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහනේදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරුණි.

 

එහිදී ඔහු සඳහන් කළේ,

 

“අපි විශාල කැපකිරීමක් කළා. 20 වනදා අනුමැතිය ලැබෙයි. පළවෙනි වාරිකය ලෙස මාර්තු මාසය තුළම ඩොලර් මිලියන 330කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලැබෙනවා.”

 

“රජය ප්‍රතිපත්තිය ලෙස පිළිගන්නවා.. රජය තවදුරටත් ව්‍යාපාර කටයුතුවල නියැලෙන්න හොඳ නැහැ. අපි නැවත කිසිම රාජ්‍ය ව්‍යාපාරයක් රාජ්‍ය මැදිහත්වීම තුළ ආරම්භ කරන්නේ නැහැ. දැනට ක්‍රියාශිලීත්වය අතින් පහළම මට්ටමක තිබෙන රාජ්‍ය ආයතන සියල්ල..දැනට 40කට වඩා වැඩි ප්‍රමාණයක් හඳුනගෙන තිබෙනවා. ඒ සියල්ල මුදල් අමාත්‍යාංශය යටතට අරගෙන ඒවා වසා දමන්න අවශ්‍ය වැඩකටයුතු කරනවා. දැනට මේ ආයතනවල ඉන්න අයට කිසිඳු අසාධාරණයක් සිදුනොවෙන්න අපි කටයුතු කරනවා.”

 

 

Related posts

රේගුවෙන් බිලියන 1000ක ආදායමක්

Editor O

මහනුවර ගොඩනැගිලි විමර්ශණයට විශේෂ ඉංජිනේරු කමිටුවක්

Mohamed Dilsad

යූරියා සහ බන්ඩි පොහොර ලබන සඳුදා සිට බෙදා හැරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment