දේශීය

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ඇරඹෙයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

 

සිය ට්විටර් ගිණුමේ සටහනත් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සාමූහික ගිවිසුම්වලින් ඉවත් වීම සහ මූල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බවය.

 

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම සහ කාලවකවානුව පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට ද නියමිත අතර ඊට අදාළ අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු නියෝජිත ආයතනය සහ ජයිකා ආයතනය සහය ලබාදීමට තීරණය කර තිබේ.

 

එම ආයතන සමග ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී අදාළ ආයතන විසින් ලබාදිය හැකි සහාය පිළිබඳව දැනුම්දී ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව මූල්‍ය විගණනය, මානව සම්පත් විගණනය, වත්කම් විගණනය සහ නීති සම්පාදනය වෙනුවෙන් අදාළ ආයතනවල සහාය ලබා ගැනීමට මේ වනවිටත් එකඟතාව පළකර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

නව ආසාදිතයින් 241ක්

Mohamed Dilsad

වරාය නගරය කොමිෂන් සභා පනතට කතානායකවරයා අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment