දේශීය

සත්ත්ව ආහාරත් වංචා කරලා – පරීක්ෂණ CCDයට

විදෙස් රටක සිට මෙරටට ගෙන්වන ලද සත්ත්ව ආහාර කිලෝග්‍රෑම් 4,920ක් වංචා කරීම සම්බන්ධයෙන් සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (07) සවස සත්ත්ව ආහාර බහාලුම් 07කින් කොළඹ වරායේ සිට ප්‍රවාහනය කරමින් සිටි ඇත.

 

එහිදී එක් බහාලුමකින් තිබූ රුපියල් 1,476,000ක් වටිනා සත්ත්ව ආහාර කිලෝග්‍රෑම් 4,920ක් වංචනිකව ලබාගැනීමක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදුකර අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

 

එසේ අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

එම සැකකරු අද (08) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Related posts

ජනපතිගෙන් ඉන්දියාවට ශෝකය

Mohamed Dilsad

විදේශ අමාත්‍යාංශයෙන් මෙරටට පැමිණෙන හා පිටව යන සංචාරකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොළ දිවි සැරියට සමුදෙයි…

Editor O

Leave a Comment