දේශීය

අලි – මිනිස් ගැටුමට අලුත්ම පිළියම

අලි මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

 

හඳුනාගත් අලිමංකඩ 16ක් යළි වන අලින් සඳහා විවෘත කිරීම, ඒ යටතේ සිදුකිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

ඒ අනුව අදාළ අලිමංකඩවල පදිංචිව සිටින ජනතාව ඉන් ඉවත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව සඳහන්ය.

 

වනජිවි කලාප මට්ටමින් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ආරම්භ කර තිබේ.

 

මේ වසර තුළ දී අදාළ වැඩසටහන යටතේ අලිමංකඩ කිහිපයක් වන අලින් සඳහා යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

මේ අතර පසුගිය වසර තුළ දී පමණ අලි මිනිස් ගැටුම් හේතුවෙන් වනඅලි 439දෙනෙකු මියගොස් ඇති අතර වන අලි පහරදීමෙන් පුද්ගලයින් 142 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related posts

ඇඳිරිනීතිය – ගමනාගමනයට රාජකාරී හැඳුනුම්පත භාවිත කළ හැකි ආයතන [RELEASE]

Mohamed Dilsad

කොළඹ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි [RELEASE]

Mohamed Dilsad

සජිත් සටනින් ඉවත් වෙයි – ඩලස්ට සහය දෙයි

Mohamed Dilsad

Leave a Comment