දේශීය

ප්‍රදේශ කිහිපයකට වැසි

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක් තද වැසි ඇතිවේ.

 

කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

සියලුම ගුවන් ප්‍රවේශ පත්‍ර මිළ 27% කින් ඉහළට

Mohamed Dilsad

දීපවාලී උත්සවය වෙනුවෙන් ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභාශිංසන

Mohamed Dilsad

අද දිනයේදී පැය 12ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment