දේශීය

මර්වින් සිල්වා ව්‍යාජ දළදා මාළිගය සොයා යයි

කුරුණෑගල, පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති ව්‍යාජ දළදා මාළිගාවේ පත්තිරිප්පුව හෙට (08) දිනයේදී ගලවා ඉවත් කිරීමට එහි නිර්මාතෘ ජානක සේනාධිපති මහතා අද (07) එකඟත්වය පළ කළේය.

 

ජානක සේනාධිපති නමැති පුද්ගලයෙක් කුරුණෑගල පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකරමින් සිටින බව පවසමින් මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරු මෙන්ම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබුණි.

 

මෙවැනි පසුබිමක ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද එම ස්ථායට ගොස් තිබුණි.

 

ජානක සේනාධිපති මහතා අදාළ ගොඩනැගිල්ල වෙනස් කිරීමට එකඟවී ඇත්තේ එම අවස්ථාවේදී ය.

 

මර්වින් සිල්වා – “මෙතැන දළදා වහන්සේ වඩිනවා කියලා ප්‍රචාරයක් තියෙනවද ?

 

ජානක සේනාධිපති – “නැහැ සර්, මම නම් කියලම නැහැ”

 

මර්වින් සිල්වා – “මගේ ඉල්ලීම මෙහෙමයි, දළදා වහන්සේට අගෞරව කරන්න බැහැ.”

 

ජානක සේනාධිපති – “කවදාවත් වෙන්නේ නැහැ සර්”

 

මර්වින් සිල්වා – “දළදා මාළිගාව හැටියට පත්තිරිප්පුව තියෙනවා නම් ඔයාට මම සති දෙකක් කල් දෙනවා. ඒක කඩන්නම ඕනේ.”

 

ජානක සේනාධිපති – “වෙනස් කරමු සර්”

 

මර්වින් සිල්වා – “ඔයා අකීකරු වුණානම් මේ මොහොතේ නැගලා මම මේක කඩනවා. ඒ මගේ හැටිනේ.

මේක පත්තිරිප්පු ස්වරූපයෙන් තියෙන්නේ. ඔබතුමා මේක වෙනස් කරනවානේ ?”

 

ජානක සේනාධිපති – “අනිවාර්යයෙන්ම. හෙට උදේ වෙද්දී වෙනස් කරනවා.”

Related posts

තායිලන්තයට ඍජු ගුවන් ගමන් ඇරඹේ

Mohamed Dilsad

අද රෑ සිට අවම බස් ගාස්තුව රු 34 යි

Mohamed Dilsad

විදුලි බිල්පත් කඩිනමින් නිවැරදි කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment