දේශීය

දයාසිරි CID යයි

දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලිකොප්ටරය ලකුණින් යුත් නිදහස් ජනතා සන්ධානය යටතේ තරග කිරීමට පසුගියදා නිල වශයෙන් නාමයෝජනා පත්‍ර භාරදී තිබුණි.

 

එසේ තිබියදී එම මහනගර සභාවටම අත ලකුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කිරීමට අදාළ නාමයෝජනා පත්‍රයක් සිය අත්සන වංචනිකව යොදා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා,

 

“දෙහිවල – ගල්කිස්ස සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ අත ලකුණින් අපි ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා මම එවැනි නාමයෝජනා පත්‍රයකට අත්සන් කළෙත් නැහැ. නමුත් හොර අත්සනක් සහිත එවැනි නාමයෝජනා පත්‍රයක් භාරදීලා. මම එය අවලංගු කරන්න කියන ඉල්ලීම සිදු කළා.”

 

 

Related posts

රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

නව මහ බැංකු අධිපති ජනපති අතින් පත්වීම් ලබයි

Mohamed Dilsad

ජාතික පාසල් 153ක් සඳහා විදුහල්පතිවරු බඳවා ගනී

Mohamed Dilsad

Leave a Comment