දේශීය

ලංකා සතොසේ නව භාණ්ඩ මිල ගණන් මෙන්න

(UTV | කොළඹ) – ලංකා සතොස ආයතනය විසින් භාණ්ඩ වර්ග පහක මිල පහත දමා තිබේ.

ඒ අනුව සුදු සීනි,පාන් පිටි, හාල්මැස්සන්, ටින් මාළු සහ රතු පරිප්පු වල මිල මෙලෙස පහත දමා ඇත.

සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 22කින් පහත දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 238ක් ලෙසයි.

පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 279ක් වන අතර එය රුපියල් 96කින් අඩුකර තිබේ.

දේශීය සැමන් ටින් එකක මිල රුපියල් 105කින් අඩුකර ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 585ක් ලෙසයි.

හාල් මැස්සන් කිලෝවක නව මිල රුපියල් 1300ක් වන අතර එය රුපියල් 200 කින් අඩු කර තිබේ.

රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 398ක් වන අතර එය රුපියල් 17 කින් අඩු කර තිබේ.

Related posts

අධ්‍යාපනයේ තටු ගලවා හම ගසන ආණ්ඩුව සමග සාකච්ඡා අසාර්ථකයි..: විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වර්ජනයකට සූදානම්…!

Editor O

එජාප නායකත්වය ගැන අවසන් තීන්දුව ලබන සිකුරාදා

Mohamed Dilsad

රාජ්‍ය සේවය අවම කාර්ය මණ්ඩලයක් යටතේ

Mohamed Dilsad

Leave a Comment