විදෙස්

ෆයිසර් සමාගම ට එරෙහිව නඩු

(UTV | කොළඹ) – ලෝකයේ පෙරළිකාර එන්නත් නිෂ්පාදන සමාගම් දෙකක් වන ෆයිසර් සමාගම සහ මොඩර්නා සමාගම අතර අර්බුදයක් හටගෙන තිබේ.

මොඩර්නා සමාගම, කොවිඩ් එන්නත් නිර්මාණය කිරීමේදී හටගත් මතභේදයක් හේතුවෙන් ෆයිසර් සමාගම ට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකර ඇති බව වාර්තා විය.

එහිදී මොඩර්නා සමාගම චෝදනා කර ඇත්තේ ෆයිසර් සමාගම කොවිඩ් එන්නත නිර්මාණය කිරීමේදී පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවය.

ෆයිසර් එන්නත නිර්මාණය ට මූලික වූ ජර්මනියේ බියෝ එන් ටෙක් සමාගමට එරෙහිවද නීතිමය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සිය පැමිණිල්ලෙන් මොඩර්නා සමාගම වැඩිදුරටත් චෝදනා කර ඇත්තේ කොවිඩ් වසංගතය ට පෙර ඔවුන් වැඩිදියුණු කළ mRNA තාක්ෂණය ෆයිසර් සමාගම කොපිකර ඇති බවය.

Related posts

කාශ්මීරයට ඇඳිරි නීතිය පනවයි…

Mohamed Dilsad

ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 1200

Mohamed Dilsad

ජපාන විදේශ කටයුතු ඇමති සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment