දේශීය

අවු.15ට වැඩි සැමට නව ඩිජිටල් හැඳුනුම් පතක්

(UTV | කොළඹ) – ජාතික හැඳුනුම්පත් ලබාගෙන සිටින මෙරට අවුරුදු 15ට වැඩි සියලු පුරවැසියන්ට ජීව දත්ත වැඩි සංඛ්‍යාවක් ඇතුළත් නව පරිගණක හැඳුනුම්පතක් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ වන විට තිබෙන ජාතික හැඳුනුම්පතේ ජීව දත්තවලට අමතරව අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ප්‍රතිලාභ, ඇඟිලි සලකුණු, ලේ වර්ගය වැනි ජීව දත්ත රැසක් මෙම නව පරිගණක හැඳුනුම්පතට ඇතුළත් කිරීමට නියමිත ය.

මෙවැනි ජීව දත්ත ඇතුළත් පුද්ගලයන් සමාජයේ ආර්ථික ක්‍රියාවලියට දායක කරගැනීම මෙන් ම හැඳුනුම්පත අවභාවිත කිරීම වැළැක්වීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව ද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

මෙම වැඩපිළිවෙළ අනුව මේ වන විට ජාතික හැඳුනුම්පත ලබාගෙන සිටින පුද්ගලයන් මිලියන 17ට වැඩි පිරිසකට මෙම නව පරිගණක හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා අවශ්‍ය ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ද ඒ මහතා පැවසීය.

මෙම හැඳුනුම්පතෙහි නාමය ජාතික හැඳුනුම්පත ලෙස නොව “ජාතික යුනිට් ඩිජිටල් හැඳුනුම්පත” ලෙසට වෙනස් වෙන බව ද ඒ මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related posts

ත්‍රිකුණාමලය දිසා විනිසුරු ගනේෂ් රාජාගේ වැඩ තහනම්

Editor O

රිෂාඩ් සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුස්ලිම් දේශපාලනඥයන්ගේ දැඩි කණස්සල්ල

Mohamed Dilsad

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව් මෙන්න

Mohamed Dilsad

Leave a Comment