දේශීය

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (04) දිනයේදී පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පෙරවරු කාලයේදී පැය 1යි විනාඩි 40 කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

එම කලාප සඳහා පස්වරු කාලයේදී පැය 01යි විනාඩි 20ක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර තිබේ.

CC කලාප සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි විනාඩි 30 විදුලි කප්පාදුවන් සිදුවෙනු ඇත.

මේ අතර M, N, O, X, Y, Z කලාප සඳහා පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවන් සිදුකිරීමට නියමිතය.

No photo description available.

Related posts

ලංකාවේ ආයෝජන නංවන්න ගෝඨා-මහින්ද-බැසිල් ප්‍රධානත්වයෙන් කමිටුවක්

Mohamed Dilsad

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පිළිබඳව මැතිවරණ කොමිෂමෙන් ගැසට් නිවේදනයක්

Editor O

හෙරොයින් ජාවාරමකට වැරදිකරු වූ 60 හැවිරිදි කාන්තාවක් දිවි ඇති තෙක් සිරගෙට

Mohamed Dilsad

Leave a Comment