දේශීය

ගාලු මුවදොර වෙරෙළ තීරයේ නාඳුනන මළ සිරුරක්

(UTV | කොළඹ) – ගාලු මුවදොර වෙරෙළ තීරයේ තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, වයස අවුරුදු 40ක් පමණ වන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (01) පෙරවරුවේ මෙලෙස හමු වී ඇති බව ය.

අදාළ මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මීට දින කිහිපයකට ඉහතදී ද තරුණයෙකුගේ මළ සිරුරක් ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩගසා තිබුණු අතර එලෙස ජීවිතක්ෂයට පත් වී තිබුණේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

Sahasra Holdings විදේශ රැකියා බඳවා ගැනීම්, වාර්ෂික සන්නාමය ලෙස Asia Miracle සම්මාන දිනයි

Editor O

අම්පාර ප්‍රදේශ දෙකකට පැනවූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

රාජගිරියේ අනතුරට අදාළ පාඨලීගේ නඩුවට දින නියම කරයි

Mohamed Dilsad

Leave a Comment