ප්‍රමුඛ පුවත 1

සියළුම සෞඛ්‍ය සේවකයින්ගේ නිල නිවාස ගැටළුව 2020 වසරට පෙර අවසන්

(උදයම්,කොළඹ)   –  විශේෂඥ  වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුළු සියළුම සෞඛ්‍ය  සේවකයින්ගේ නිල නිවාස ගැටළුව 2020 වසරට පෙර අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.

සුඛෝපභෝගී නිවාස ලෙස එම නිවාස සකස් කෙරෙන අතර ඒ සඳහා දෙස් විදෙස් සහයෝගය ලබා ගැනීමටද නියමිතය.

එහි පළමු අදියර යටතේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු සඳහා නිල නිවාස ඉඳි කිරීමට නියමිතව තිබේ.

පළමු අදියරයේ නිවාස ඉඳි කිරීමෙන් පසු හෙද, අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් සඳහා මෙන්ම සෙසු සෞඛ්‍ය  සේවකයින් සඳහා ද නිවාස ඉඳි කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය සේවකයින්ගේ නිල නිවාස ගැටළු හේතුවෙන් රෝහල්වල සෞඛ්‍ය සේවා සඳහා බාධා සිදුවීම පිළිබඳ අවධානය යොමු කර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම නිවාස ඉඳි කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයේ සැකකරුවන් 17දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

උතුරේ ඉඩම් අක්කර 263ක් නිදහස් කෙරේ

Mohamed Dilsad

ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ගැසට් කිරීම ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment