ක්‍රීඩා

ඔස්ට්‍රේලියාවට කඩුළු 10කින් පහසු ජයක්

(UTV | ගාල්ල) – සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරගය කඩුළු 10කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

මෙම තරගය දින දෙක හමාරකින් අවසන් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට කොඩිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඕෂධ ප්‍රනාන්දුව ශ්‍රී ලංකා කණ්ඩායට කැඳවීමට කටයුතු කර තිබුණි.

අද දිනය අරඹන විට ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8ක් දැවි ලකුණු 313ක් රැස්කරගෙන සිටි අතර ඔස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 321කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද උදෑසන සමත් වුණි.

ඒ අනුව පළමු ඉනිමේදී ලකුණු 212ක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ඇරඹුවේ ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 109ක් පසුපසින් සිටිමින්ය.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා දඟපන්දු යවන්නන් හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට දෙවන ඉනිම සඳහා පන්දුවාර 22යි පන්දු 5කදී සියළු දෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 113ක් පමණි.

පන්දු යැවීමේදී නේදන් ලයන් සහ Travis Head කඩුළු 4 බැගින් දවාගැනීමට සමත්විය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා හිමිවූ ලකුණු 5ක ඉලක්කය කිසිවෙක් නොදැවී පසුකර ගිය ඔස්ට්‍රේලියාව දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුළු 10ක පහසු ජයක් හිමිකර ගැනීමට සමත් වුණි.

Related posts

කාන්තා මීටර් 5000 ඉසව්ව ශ්‍රී ලංකාව රනින් සරසයි

Mohamed Dilsad

2022 පාපන්දු ලෝක කුසලානයේ තවත් ක්‍රීඩාංගනයක් විවෘත වෙයි

Mohamed Dilsad

ශූරයන්ගේ කුසලානය ජයගත් පාකිස්තාන කණ්ඩායම සිය මව් රටට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment