දේශීය

“පෝලිම්වල ඉන්න එපා”

(UTV | කොළඹ) – පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් රැගත් නෞකා මෙම සතිය මුලදී සහ ලබන සතියේදී පැමිණෙන බව තහවුරු කළ සැපයුම්කරුවන් බැංකු සහ සැපයුම් හේතු මත නියමිත වේලාවට පැමිණිය නොහැකි වීම පිළිබඳව දන්වා ඇතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මීළඟ ඉන්ධන නෞකාව පැමිණ එහි ගොඩබෑමේ කටයුතු සිදු වන තෙක් පවතින තොග පොදු ප්‍රවාහනය, විදුලිබල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වයක් දී බෙදා හරිනු ලබන බව ය.

එමෙන්ම, ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරින අතර ඉන්ධන සඳහා පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව කංචන විජසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ වන විට ඉන්ධන නෞකාව පැමිණීමේ දිනයක් තහවුරු කිරීමට නොහැකි වී ඇති අතර මීළඟ බොරතෙල් නෞකාව පැමිණෙන තෙක් පිරිපහදු මෙහෙයුම් ද තාවකාලිකව නවතා දමන බව අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.

Related posts

ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Mohamed Dilsad

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ සීමාවන් ඉවතට

Mohamed Dilsad

ආචාර්යය, මහාචාර්යයවරු වැඩිවී පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියටත් අතපසුවීමක් වූ බව පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්

Editor O

Leave a Comment