දේශීය

සපුගස්කන්දෙන් අද සිට දිනපතා ඉන්ධන

(UTV | කොළඹ) – සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් අද (30) සිට දිනපතා භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 600 ත් 800 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය පැවසුවේය.

මේ වන විට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති මෙට්‍රික් ටොන් 79,000ක් අඩංගු බොරතෙල් නෞකාවෙන් දිනවල ඉන්ධන ගොඩබෑම සිදුවන බැවින් පිරිපහදුවේ ඉන්ධන නිෂ්පාදනය කිරීම ආරම්භ කල බව විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසුවේය.

බොරතෙල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ඉකුත් මාර්තු 21 වනදා සිට සම්පූර්ණයෙන්ම නතර කරනු ලැබීය.

මෙම තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමත් සමග විදුලි උත්පාදනයට අවශ්‍ය නැප්තා මෙන්ම භූමිතෙල් ද ලබාගැනීමට හැකියාවක් ලැබෙයි.

Related posts

මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් ලක්ෂ 2ක්.

Editor O

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

Mohamed Dilsad

චතුරංගගේ මට්ටමට, මම පහළට වැටෙන්නේ නැහැ – ආචාර්යය හර්ෂද සිල්වා

Editor O

Leave a Comment