දේශීය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය : කෝටිපති ව්‍යාපාරිකයාට හා පුතාට ඇප

(UTV | කොළඹ) –  2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 02 කට ප්‍රහාර එල්ල කල ත්‍රස්තවාදීන් දෙදෙනෙකු වෙන මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්ෂාෆ් යන අයගේ පියා වන කෝටිපති ව්‍යාපාරිකයා සහ ඔවුන්ගේ එක් සහෝදරයෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් නවරත්න මාරසිංහ මහතා විසිනුයි නියෝගය ලබාදුන්නේ.

සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 02 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 03 ක් මත මුදා හැරුණා.

ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට දෙන ලෙසයි නියම කෙරුණේ.

සෑම මාසයකම පළමු සහ අවසන් ඉරිදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් ඔවුනට අධිකරණය දන්වා සිටියා.

මෙම නඩුවේ 03 වන සැකකරු ලෙස නම්කර සිටින තවත් සහෝදරයෙකුට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කලා.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Mohamed Dilsad

විශේෂ ගුවන් යානයක් නැවතත් ඉන්දියාවට

Mohamed Dilsad

2021 වසර සඳහා වන අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Mohamed Dilsad

Leave a Comment