දේශීය

‘ආරක්ෂාව සඳහා හිටපු අගමැතිව ත්‍රිකුණාමලයට රැගෙන ගියා’

(UTV | කොළඹ) – ආරක්ෂාව සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේ තැන්න පවසනවා.

පසුගියදා අරලිය ගහ මන්දිරය අසළ ඇතිවූ සිදුවීමත් සමඟ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ එම ස්ථානයේ රැඳී සිටීම සුදුසු නොවන නිසා ඔහුගේ ආරක්ෂාවට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බවයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සඳහන් කළේ.

මෙලෙස හිටපු අගමැතිවරයා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගියේ තාවකාලිකව බවත් පවතින තත්ත්වය යහපත් වූ පසුව ඔහු කැමති ස්ථානයකට පිටත් කර හරින බවයි අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

තෙල් – වරාය – විදුලිය අද කොළඹ විරෝධතා මාලාවක

Mohamed Dilsad

අද ඉන්ධන මිලෙහි සංශෝදනය

Mohamed Dilsad

කඳානේ වෙඩිතැබීමේ සුලමුල හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment