දේශීය

IMF සාකච්ඡා තවදුරටත්

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිලධාරී මට්ටමේ සාකච්ඡා මේ සතිය තුළ ආරම්භ කිරීමට නියමිත යි.

මුදල් අමාත්‍ය අලි සබ්රි කියා සිටියේ, මාස දෙකක් තුළ කෙරෙන සාකච්ඡාවෙන් අනතුරු ව නිලධාරී මට්ටමේ මූලික එකඟතාවකට පැමිණීමට හැකි වනු ඇති බවයි.

මෙම සාකච්ඡා සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත අතර, මාර්ගගත ක්‍රමය ඔස්සේ ද ඇතැම් සාකච්ඡා පැවැත්වීමට යි නියමිත ව ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡා මාස දෙකක් තුළ සාර්ථක ස්ථාවරයකට පැමිණිය හැකි වනු ඇති බවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය දා විශ්වාසය පළ කළා.

ලංකා වානිජ මණ්ඩල කමිටුව අමතමින් ඔහු සඳහන් කළේ, ඒ සඳහා සාර්වමූල්‍ය ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කිරීමේ කටයුතු ප්‍රගතියක් අත්කරගනිමින් සිටින බවයි.

Related posts

රෝහල්වල ශල්‍යකර්ම සහ සායන කටයුතු ඇරඹීමට පියවර

Mohamed Dilsad

මුදල් ලැබෙන හැටි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ හෙළිකරයි

Editor O

විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment