දේශීය

”නිකන් සිල්ලර විසඳුම් දෙන්න එපා” – විපක්ෂ නායක

(UTV | කොළඹ) – 19 වන ව්‍යවස්ථාව අත්‍යවශ්‍ය කාලීන සංශෝධන‍ සහිතව බලාත්මක කිරීම කෙටිකාලීනව ගත හැකි කාලෝචිත විසඳුම යැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (අප්‍රේල් 19) පාර්ලිමේන්තුවේ සභාව අමතමින් සිදු කළ විශේෂ ප්‍රකාශයේදී අගාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

“ජනාධිපතිවරයාගේ ආශීර්වාදය ඇතිව පුළුල් නව ආණ්ඩුක්‍රම සංශෝධනයක් සහිතව අපි ගමන් කළ යුතු වෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

ඒ සඳහා ගන්නා ප්‍රයත්නයන්වලට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරුන්ගේ සහය සහ ජනතාවගේ ආශිර්වාදය ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, තම තමාට වුවමනා අයුරින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වන ව්‍යවස්ථාව බලාත්මක කිරීමෙන් සෑහීමකට පත් නොවන අතර විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන් ම අහෝසි කළ යුතු බව ය.

”නිකන් සිල්ලර විසඳුම් දෙන්න එපා,” යනුවෙන් ඔහු වැඩිදුරට ත් පැවසීය.

Related posts

රිෂාඩ්⁣ බදියුදීන්, සෞඛ්‍ය ඇමතිගෙන් කළ ඉල්ලීම

Editor O

රාජිතගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

රූමි මොහොමඩ් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment