දේශීය

‘සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ක්‍රියාව කිසිසේත්ම තමන් අනුමත කරන්නේ නැහැ’

(UTV | කොළඹ) – සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ක්‍රියාව කිසිසේත්ම තමන් අනුමත නොකරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම වැනි ක්‍රියා අතිශයින් ම නිෂ්ඵල වන්නක් බවයි.

තමන් ද මේ වනවිට VPN ක්‍රමවේදය භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි වෙත පිවිස පරිශීලනය කරන බවත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළ අතර මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින්, තවදුරටත් අර්බුද ඇති නොකර, මීට වඩා ප්‍රගතිශීලී අයුරින් ක්‍රියා කිරීමට වගකිව යුතු බලධාරින් පියවර ගත යුතු බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ අතර, ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාව තුළ භාවිත වන සියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට පියවර ගෙන තිබුණා.

ශ්‍රී ලංකා තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ, ඊයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසෙන මාර්ග සියල්ල තාවකාලිකව අක්‍රීය කළ බවයි.

Related posts

ඇමෙරිකාවේ 250 වෙනි, නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක්

Editor O

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% දක්වා අඩු කරන බව මහ බැංකුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

පාසල් විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව නවතී

Mohamed Dilsad

Leave a Comment