දේශීය

ගොඩබාන ලද ගෑස් මෙට්‍රික් ටොන් 2500 බෙදාහැරීම අවසන්

(UTV | කොළඹ) – ආනයනය කර ඇති ගෑස් තොග නිදහස් කර ගැනීමට ඩොලර් ලබා නොදීම හේතුවෙන් මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් අංගණයෙන් වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම අද (10 වැනිදා) සිට යළි අවම වන බව වාර්තා වෙයි.

මීට දින තුනකට පෙර ගොඩබාන ලද ගෑස් මෙට්‍රික් ටොන් 2500 බෙදාහැරීම අවසන් බවද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි. සමාගම ආනයනය කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් හත්දහසක් අඩංගු නෞකා දෙකක් ශ්‍රී ලංකාව අවට මුහුදේ දැනට සතියක සිට නැංගුරම්ලා ඇත.

මෙම නැව් දෙකෙහි ඇති ගෑස් තොගය නිදහස් කර ගැනීමට ඩොලර් ලබා දෙන ලෙසට සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවට අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇත. ගෑස් හිඟය හේතුවෙන් ගෑස් අලෙවිසල් අසල ඊයේ (9 වැනිදා) දිගු පෝලිම් දක්නට ලැබුණි.

Related posts

අප්‍රේල් 20 සිට පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කෙරේ

Mohamed Dilsad

දරුවන් බලා සිටියදී මවක් ගඟට පනී

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 1,000 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment