දේශීය

රන්ජන් රාමනායක ව ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එයි

(UTV | කොළඹ) – සිර දඬුවම් නියම වී බන්ධනාගාරගත ව සිටින රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන දෙවන නඩුවට අදාළවයි.

2018 වසරේදී එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රන්ජන් රාමනායක රූපවාහිනී වැඩසටහනක දී සිදු කළ ප්‍රකාශයක් මෙම නඩුව සඳහා මුල් වී තිබෙනවා.

අදාළ වැඩසටහනේ දී සිදු කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් කරන ලද පැමිණිල්ලකට අනුව යි රන්ජන් රාමනායකට එරෙහි මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ.

Related posts

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් ලබා දීම අත්හිටුවයි

Mohamed Dilsad

මිතුරා සමග නිවසින් ගිය තරුණයාගේ සිරුර ගල් දෙබොක්කාවක

Mohamed Dilsad

සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

Editor O

Leave a Comment