ගොසිප්

විමල්ට සහ ගම්මන්පිලට ඇමති ආරක්ෂාව තවදුරටත්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් සඳහා ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සාමාන්‍යයෙන් ලබාදෙන්නේ ආරක්ෂකයින් දෙදෙනෙකු පමණයි. ඒ අනුව පසුගියදා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් ගණන ද අඩු කිරීමට නියමිතව තිබුණා.

මේ අතර කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඉකුත්දා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී තිබූ බවද මීට පෙර වාර්තා වුණා.

Related posts

ජෝන්ට පරණ පිනක් පෑදෙයිද

Mohamed Dilsad

නිළි බුවිනි, සැමියා එක්ක දෙවන විවාහ සංවත්සරය සැමරූ හැටි

Mohamed Dilsad

මෙරට ප්‍රධාන පෙලේ දේශපාලඥයෙකුත් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment