දේශීය

දීවයිනේ ප්‍රථම වතාවට යුද හමුදාව ගොවි බිමට

(UTV | කොළඹ) – මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 23ක් සඳහා සඳහා යුද හමුදා සමාජිකය්න් 46 දෙනෙකු හරිත කෘෂිකර්මාන්ත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පුහුණුවීම් කටයුතු අද (18දා) ආරම්භ කෙරිණි.

එම භටපිරිස් කෘෂිකර්මාන්තය පිළිබඳව නාලන්ද කෘෂිකර්ම පුහුණු බිජ ගොවිපලේදී දින පහක් පුහුණු වැඩසටහනට සහභාගි වේ.

මාතලේ දිස්ත්‍රික්කයේ හරිත කෘෂි කර්මාන්ත ක්‍රියාන්විතය ක්‍රියාත්මක කිරීම් සඳහා යුද හමුදාවේ එකසිය එකොලොස්වන පාබල බල සේනා සේනාවේ සේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක මහතා පත්කොට තිබේ.

ඒ අනුව බ්‍රිගේඩියර් වරයාගේ ප්‍රධානත්වයෙන් නාලන්ද ගොවිපලේදී රජයේ කෘෂිකර්ම උපදේශකවරුන් ප්‍රායෝගික පුහුණුව ලබාදීම ආරම්භ කෙරිණි.

මෙහිදී බීජ වී වගාව එළවළු වගාව සහ අනෙකුත් භෝග වගාවන් පිළිබඳව මෙන්ම බෝගවල පවතින කෘමි හානි සහ අනෙකුත් ලෙඩ රෝග හඳුනා ගැනීම බෝග වර්ග හඳුනාගැනීම ඒවායේ කාල සීමාවන් හඳුනා ගැනීම මෙන්ම මාතලේ දිස්ත්‍රික්කෙය් වගා කෙරෙන බෝග වර්ග කුමක්ද යන්න යුද හමුදා නිලධාරීන්ට වටහා දීම මෙහිදී සිදු කෙරෙන බව බ්‍රිගේඩියර් රෝහිත රත්නායක මහතා පැවසුවේය.

නාලන්ද කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන සිංහ රෙජිමේන්තුවේ හමුදා භටයන් 46 දෙනෙකුට පුහුණුව ලබාදී මාතලේ දිස්ත්‍රික්කෙය් ගොවිජන සේවා බල ප්‍රදේශය 23ට යුද හමුදා භටයන් දෙදෙනා බැගින් යෙදවීම සිදු කෙරෙන බවද ඒ මහතා සඳහන් කළේය

ඒ අනුව දීවයිනේ ප්‍රථම වතාවට යුද හමුදාව ගොවිබිම්වලට බැස හරිත කෘෂි කර්මාන්ත ක්‍රියාවකටලියකට යොමු කිරීම මෙහි අරමුණ වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

Related posts

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සුදානම්. – අගමැති හරිනි අමරසූරිය

Editor O

අයහපත් කාළගුණය : පුද්ගල මරණ 03 ක් – 7,649 දෙනෙකු පීඩාවට

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment