දේශීය

අඛණ්ඩ විදුලි සැපයුමට යළිත් බාධා?

(UTV | කොළඹ) – බලාගාර කිහිපයක් මේ වනවිට අක්‍රිය වීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමට යළිත් බාධා එල්ලවී තිබෙනවා.

මෙරට විදුලි උත්පාදනයේ ප්‍රධාන බලාගාරයක් වන කැලණිතිස්ස බලාගාර සංකිර්ණයේ ද්විත්ව චක්‍රිය බලාගාරය ද ඒ අතරට අයත්. මතුගම, කොළොන්නාව හා තුල්හිරිය යන බලාගාර ද අක්‍රිවී තිබෙනවා. ඩීසල් හා නැප්ටා නොමැතිවීම ඊට හේතුවයි.

මෙලෙස බලගාගාර අක්‍රියවීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 490 ක පමණ ධාරිතාවක් අහිමිවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි පැවසුවා. අද දිනයේ මෙම බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොලැබුණහොත් අඛණ්ඩව විදුලි සැපයිම අභියෝගයක් වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඊයේ දිනයේ මෙරට උපරිම විදුලි අවශ්‍යතාව මෙගාවොට් 2,626 ක්. ඉන් සියයට 74 යි දශම 11 ක් සම්පූර්ණ කර ඇත්තේ ගල් අඟුරු සහ ඉන්ධන මඟින්. ජල විදුලි උත්පාදනය සියයට 23 යි දශම 1 යි 3 ක් දක්වා අඩුවී තිබෙනවා.

Related posts

පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමේ යෝජනාවට වෘත්තීය සමිති විරෝධයක්…

Editor O

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 639ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ආණ්ඩුව විසින් සහල් මිල ඉහළ දමා පාරිභෝගිකයන් පීඩාවට පත් කරලා – සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

Editor O

Leave a Comment