දේශීය

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව නිවේදනයක්

(UTV | කොළඹ) – 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් ලබාගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව අයදුම්පත් ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය ලබන මස 03 වනදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන නිල වෙබ් අඩවියට පිවිස අදාළ උපදෙස් අනුව පෞද්ගලික අයදුම්කරුවන්ට මාර්ගත ක්‍රමය ඔස්සේ අදාළ අයදුම්පත් යොමු කිරීමට ද හැකියාව පවතී.

විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති උපදෙස් පරිදි පාසල් අයදුම්කරුවන් විසින් අයදුම්පත් යොමුකිරීමට කටයුතු කළයුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර විභාග සහතික පත් නිකුත් කිරිමේ එක්දින සේවාව ලබන 24 වනදා සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ වනවිට පැවැත්වෙන විභාග කටයුතු සඳහා විභාග දෙපාර්තමේන්තුවේ උපරිම කාර්ය මණ්ඩල ධාරිතාවය යොදවා ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

නව කොරෝනා වෛරසය සුවකළ හැකි එන්නතක්

Mohamed Dilsad

වෛද්‍යවරුන්ගේ වැටුප් වර්ධක ගැන ජනපතිගෙන් තීරණයක්

Mohamed Dilsad

බැඳුම්කර ගනුදෙනුව ගැන ඇමති විජිත හේරත් කළ ප්‍රකාශය සාවද්‍යයයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් නිවේදනයක්

Editor O

Leave a Comment