දේශීය

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව නිවේදනයක්

(UTV | කොළඹ) – 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් ලබාගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව අයදුම්පත් ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය ලබන මස 03 වනදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන නිල වෙබ් අඩවියට පිවිස අදාළ උපදෙස් අනුව පෞද්ගලික අයදුම්කරුවන්ට මාර්ගත ක්‍රමය ඔස්සේ අදාළ අයදුම්පත් යොමු කිරීමට ද හැකියාව පවතී.

විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති උපදෙස් පරිදි පාසල් අයදුම්කරුවන් විසින් අයදුම්පත් යොමුකිරීමට කටයුතු කළයුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර විභාග සහතික පත් නිකුත් කිරිමේ එක්දින සේවාව ලබන 24 වනදා සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ වනවිට පැවැත්වෙන විභාග කටයුතු සඳහා විභාග දෙපාර්තමේන්තුවේ උපරිම කාර්ය මණ්ඩල ධාරිතාවය යොදවා ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

පැය අටකදී විදෙස් ජාතිකයන් 136 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරටට පැමිණි යුක්රේන ජාතිකයින් තිදෙනෙක් ආසාදිතයින් බව හඳුනා ගනී

Mohamed Dilsad

අනු නාහිමි ධුරයට ආනන්ද හිමි පත්කළ බවට මල්වතු විහාරයට දැනුම්දීමේ චාරිත්‍රය ඉටු කෙරේ….

Editor O

Leave a Comment