දේශීය

දේශීය පොල්තෙල් මිල ඉහළයාමේ අවධානමක් නෑ

(UTV | කොළඹ) – දේශීය පොල්තෙල් මිල ඉහළයාමේ අවධානමක් ඇති බවට පසුගියදා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිදුකළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව සමස්ථ ලංකා පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

සමස්ථ ලංකා පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික සිල්වා මහතා කියා සිටියේ එවැනි ප්‍රකාශ සිදුකරනුයේ අධික ලාභයක් ලබා ගැනීමේ අරමුණින් බවයි.

කෙසේ වෙතත් පසුගියදා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ වාර්ෂික පොල් අස්වැන්න සමග සැසදීමේදී මෙරට සමස්ත පොල් හිගය පොල් ගෙඩි බිලියන 1.9 ක් ලෙස හදුනාගෙන ඇති බවයි.

එම නිසා බිලියන 1.9 ක් වූ පොල් ගෙඩි හිගය රජය විසින් නිසිලෙස කළමණාකරණය නොකරන්නේ නම් දේශීය පොල් හා පොල් තෙල් මිල ඉහළයාමේ අවධානමක් ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

Related posts

කයිතන්ගේ සීනි කෑම…. : පෙර වසරට සාපේක්ෂව සීනි මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් වැඩිපුර ආනයනය කරලා

Editor O

කඩුවෙල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

Editor O

Leave a Comment