දේශීය

දේශීය පොල්තෙල් මිල ඉහළයාමේ අවධානමක් නෑ

(UTV | කොළඹ) – දේශීය පොල්තෙල් මිල ඉහළයාමේ අවධානමක් ඇති බවට පසුගියදා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිදුකළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව සමස්ථ ලංකා පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

සමස්ථ ලංකා පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික සිල්වා මහතා කියා සිටියේ එවැනි ප්‍රකාශ සිදුකරනුයේ අධික ලාභයක් ලබා ගැනීමේ අරමුණින් බවයි.

කෙසේ වෙතත් පසුගියදා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ වාර්ෂික පොල් අස්වැන්න සමග සැසදීමේදී මෙරට සමස්ත පොල් හිගය පොල් ගෙඩි බිලියන 1.9 ක් ලෙස හදුනාගෙන ඇති බවයි.

එම නිසා බිලියන 1.9 ක් වූ පොල් ගෙඩි හිගය රජය විසින් නිසිලෙස කළමණාකරණය නොකරන්නේ නම් දේශීය පොල් හා පොල් තෙල් මිල ඉහළයාමේ අවධානමක් ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

Related posts

ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Mohamed Dilsad

රනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙළ කඩාකප්පල් කළොත් ශ්‍රී ලංකාව යටත් විජිතයක් වේවි – වජිර අබේවර්ධන

Editor O

පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක්

Mohamed Dilsad

Leave a Comment