දේශීය

දිවයින පුරා වරින්වර විදුලි බිඳ වැටීමක්

(UTV | කොළඹ) – අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට අද දිනයේදීත් නොහැකි වුව හොත් දිවයින පුරා වරින්වර විදුලි බිඳ වැටීමක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඉල්ලුම ඉහළ යාමට සාපේක්ෂව එලෙස විදුලි බලය බිඳ වැටිය හැකි බවටයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් ආපදාවට ලක්වීමෙන් ඊයේ රාත්‍රියේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටුණා.

ඒ අනුව ඊයේ රාත්‍රියේ සිටම අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහයක් ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත්, ඉන්ධන අර්බුදය මැද යළිත් වරක් මෙරට තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති ඊයේ අනතුරු ඇඟවීමක්ද සිදුකළා.

ඔවුන් පෙන්වා දෙන්නේ, ඩීසල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ද මේවනවිට වසා දමා ඇති බවයි.

Related posts

සම්මානනීය රංගවේදිනයකට රත්නපුරයෙන් කැපිල්ලක්

Editor O

වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

මෙවර අයවැයෙන්, ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රාණ ඇපකරුවකු කරලා.

Editor O

Leave a Comment