දේශීය

නව බස් ගාස්තු ගැන ගමනාගමන මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – 2021 වසරේ දෙසැම්බර් මස 29 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද 17.44%ක අගයකින් මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කිරීම මෙම වසරේ (2022) ජනවාරි මස 05 වැනි දින සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව එළඹෙන ජනවාරි මස 05 වැනි දින සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ මගී සේවා අවසර පත්‍ර යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුත්තේ සාමාන්‍ය සේවා ( ආසනගත) ගාස්තු අවස්ථා 350 සඳහා වන ගාස්තු ලැයිස්තුව බස් මගීන්, බස් හිමිකරුවන්, බස් සේවක කණ්ඩායම්, බලධාරින් සහ අනෙකුත් සියලුම මහනජතාවගේ අවධානය සඳහා ජාතික ගමනාගමන මණ්ඩලය විසින් මෙම විශේෂ නිවේදනය නිකුත් කරනු ලැබුවා.

Related posts

කොරෝනා නිසා සිදුවූ පළමු ශ්‍රී ලාංකිකයාගේ මරණය

Mohamed Dilsad

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

නව අමාත්‍යංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට

Mohamed Dilsad

Leave a Comment