දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළංවලින් සහ අකුණු ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින හරහා විශේෂයෙන්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ,දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40-50 දක්වා වැඩි විය හැකිය.

Related posts

පැහැරගත්තා කියන වැලිගම මන්ත‍්‍රීලා කැමැත්තෙන්ම ඇවිත් වාහනේට නැග්ගා.. මටත් අත වැනුවා..- ඇසින් දුටු අයෙක් සාක්‍ෂි දෙයි..

Editor O

ඉන්ධන බෙදුම්කරුවන් ලැබූ සියයට 3 වට්ටම් මුදල අහෝසි කරයි

Editor O

ලක්මාලි හේමචන්ද්‍ර ට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට පැමිණිල්ලක්

Editor O

Leave a Comment