දේශීය

තුන් වන මාත්‍රාවක් දීමට තවම තීරණයක් ගෙන නැහැ

(UTV | කොළඹ) – කොවිඩ් මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් නිශ්චිත නිර්දේශ ඉදිරිපත්ව නැති බව ත් ඒ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, එවැනි නිර්දේශයක් ලද වහාම එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය හැකියාව රජය සතුව ඇති බවයි.

“නමුත් ඕනෑම මොහොතක එවැනි නිර්දේශයක් ලැබුණු වහාම මේක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය හැකියාව අපි ළඟ තියෙනවා. සීමාකාරී සාධක හැටියට අපි දකින්නේ එන්නත් ලැබෙන ප්‍රමාණ. ඒක ලැබුණොත් අපිට ඒක ලබා දීම ගැටලුවක් වෙන්නෙ නෑ”

Related posts

නිරෝධායනය අවසන් කළ පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයේ යළි ඇරඹේ

Mohamed Dilsad

ලබන සඳුදා සිට මංතීරු නීතිය ක්‍රියාත්මක වන මාර්ග මෙන්න

Mohamed Dilsad

Leave a Comment