දේශීය

රන්ජන්ට ජනපති සමාව ඉල්ලා චන්ද්‍රිකාගෙන් ජනපතිට ලිපියක්

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දැනට සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

රංගන ශිල්පියෙකු, සමාජ සේවකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ලෙසද රංජන් රාමනායක මහතා මෙරට පොදු ජනතාව වෙනුවෙන් අවංකව කැප වී කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ධනය පවා ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වැය කළ අයෙකු බවයි හිටපු ජනාධිපතිනිය යොමු කළ ලිපියෙහි සඳහන් වන්නේ.

බරපතල වැරදි හේතුවෙන් අධිකරණයෙන් සිරදඩුවම් ලබා දුන් කිහිපදෙනෙකුටම රජයෙන් නිදහස ලබා දුන් හෙයින් බරපතල නොවන චෝදනාවකට රංජන් රාමනායක මහතා මෙලෙස දුක්විදීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බවද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එමගින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව වසර 04 ක සිර දඩුවමක් නියමවී සිටින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීමට කාරුණික වන ලෙසයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර සිරකරුවන්ගේ දිනයද හෙටට (12) යෙදී තිබෙනවා.

Related posts

පොදු ප්‍රවාහණ සේවා පිළිබඳ අවසාන තීරණය හෙට [PRESS RELEASE]

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය, සජිත් ප්‍රේමදාස ට සහාය පළ කරයි.

Editor O

“ශාන්තගේ ඇමතිධූරය අහෝසිකරනතෙක් සාකච්ඡා නැහැ”

Mohamed Dilsad

Leave a Comment