විදෙස්

ඉන්දියාව පළමුවරට තලේබාන් සංවිධානය සමඟ රාජතාන්ත්‍රික සාකච්ඡාවක

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගත් තලේබාන් සංවිධානයේ සාමාජිකයින් සමඟ ඉන්දියාව පළමු වරට ඊයේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, කටාර් රාජ්‍යයේදි යි.

තලේබාන් සංවිධානයේ දේශපාලන නායකයා වන මොහොමඩ් අබ්බාස් සමඟින් කටාර් රාජ්‍යයේ ඉන්දීය තානාපති දීපක් මිත්තාල් මෙලෙස සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තාවන්නේ.

ඇෆ්ගනිස්ථානයේ සිටින ඉන්දීය ජාතිකයින් ආරක්ෂිත ව ඉවත් කරගැනීම සම්බන්ධයෙන් එහි දී අවධානය යොමු ව තිබෙනවා.

එසේ ම කිසිදු ආකාරයකින් ඉන්දියාවට එරෙහි ව කටයුතු නො කරන ලෙසට ද ඉන්දීය තානාපති දීපක් මිත්තාල් තලේබාන් සංවිධානයට ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Related posts

ඕස්ට්‍රේලියාව හා සිංගප්පුරුව අතර සංචාරක බුබුළක්

Mohamed Dilsad

එක්සත් රාජධානිය සිනොෆාම් – සිනොවැක් එන්නත් පිළිගනියි

Mohamed Dilsad

බ්‍රිතාන්‍යය දැඩි ආර්ථික අර්බුදයක

Mohamed Dilsad

Leave a Comment