දේශීය

ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට චීනයෙන් “එන්නත් රාජෝපායන්” – සිවිල් සමාජ ක්‍රියාකාරීන් [VIDEO]

(UTV | කොළඹ) – සිය ජාත්‍යන්තර හා කලාපීය සබඳතා ශක්තිමත් කිරීම සහ ආර්ථික හා වාණිජමය අවශ්‍යතා සපුරාලීම සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි කොටසක් ලෙස, චීනය පසුගිය මාස කිහිපය තුළ සිය දහස් ගණනක් කොරෝනා වෛරස් එන්නත් ශ්‍රී ලංකාවට යවා ඇති බවට A24 ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

මීට පෙර ශ්‍රී ලංකාවට සිනොෆාර්ම් එන්නත් මාත්‍රා 600,000 ක් චීන විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන අතර මීට දින කිහිපයකට පෙර ද තවත් සිනොෆාර්ම් එන්නත් මාත්‍රා මිලියනක් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.

චීනය අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා සිය ගෝලීය සෞඛ්‍ය නායකත්වය ඉස්මතු කිරීමට අපේක්ෂා කරන බව දේශපාලනඥයින් සහ අනෙකුත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දුන් අතර, විශේෂයෙන් අඩු මිලකට එන්නත් මිලදී ගැනීමේ හැකියාවක් පවතින මෙවන් වාතාවරණයක, බීජිං රෙජීමය එහි එන්නත් වල ඵලදායීතාවය පිළිබඳ නිවැරදි දත්ත සහ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරමින් සිටීම ජාත්‍යන්තර අවධානය දිනාගෙන තිබෙන තත්ත්වයක චීන එන්නත් වැඩි මිලකට මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයේ විනිවිදභාවය පිළිබඳ ගැටළු පැන නගිමින් තිබෙන බවට ද සිවිල් සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන බවට A24 ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

ජනපතිට පක්ෂව කටයුතු කරන ශිවඥානම්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉවත්වෙන්නැයි පක්ෂයෙන් බලපෑම්

Editor O

රටේ ආර්ථිකය ගැන අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහයෝගයක්

Mohamed Dilsad

Leave a Comment