ක්‍රීඩා

එංගලන්තය හමුවේ ශ්‍රි ලංකාව යලිත් අසරණ වෙයි

(UTV | එංගලන්තය) – සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමග සදර්න්ටන් හි පැවති තුන්වැනි පන්දුවාර විස්සයි විස්ස තරගයත් ලකුණු 89 කින් ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම ඊයේ(26) සමත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6 ක් දැවි ලකුණු 180 ක් රැස්කලේය. ඩේවිඩ මාලන් ලකුනු 76 යි. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුලත් විය. ජොනී බෙයාර්ටෝව් ලකුණු 51 යි. පිළිතුරු ඉනිම ක්‍රිඩා කල ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාරා 18 යි පන්දු 5 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගැනිමට හැකිවුයේ ලකුණු 91 ක් පමණි. ඕෂධ ප්‍රනාන්දු පන්දු 27 කදී ලකුණු 19 ක් රැස්කලේය. බිනුර ප්‍රනාන්දු ලකුණු 20 යි.

දෙරට අතර පැවති පන්දුවාර විස්සයි විස්ස තරග තුනම ජයගැනීමට සමත්වුයේ එංගලන්ත කණ්ඩායමයි. අවසන් තරගයේ වීරයා ලෙස ඩේවිඩ් මාලන් නම් කෙරිණි.

 

No description available.

No description available.

No description available.

No description available.

No description available.

Related posts

LPL නුවර කණ්ඩායම සල්මාන්ගේ පවුල මිලදී ගනියි

Mohamed Dilsad

බංග්ලාදේශ නායකත්වයට යළිත් ශකීබ් අල් හසන්

Mohamed Dilsad

IPL 2021 : කිරුළ චෙන්නායි සුපර් කිංග්ස්ට

Mohamed Dilsad

Leave a Comment