ක්‍රීඩා

හොකී ලෝක කුසලාන සත්කාරකත්වය ඕමානයට

(UTV | ඕමානය) – ඉන්දියාව, පකිස්තානය සහ සිංගප්පූරුව පරාජයට පත් කරමින් ජාත්‍යන්තර හොකී සම්මේලනය මගින් අභිනවයෙන් හඳුන්වා දී ඇති කණ්ඩායමට ක‍්‍රීඩකයින් 05 දෙනා බැගින් වන ආරම්භක ලෝක කුසලාන හොකී තරගාවලියේ සත්කාරකත්වය දිනා ගැනීමට ඕමානය සමත් විය.  

මෙම තරඟාවලිය සඳහා සත්කාරක දේශීය නම් කිරීමට 2021 මාර්තු මස මුල් සතිය දක්වා ලංසු කැඳවීමක් කළ අතර ඒ සඳහා ඉන්දියාව, පකිස්ථානය, සිංගප්පූරුව සහ ඕමානය අතර තියුණු තරගයක් පැවැත්විණි. නමුදු අවසානයේ ජයග‍්‍රහණය කිරීමට ඕමානය සමත්වීම කැපී පෙනුණි.

ඒ අනුව සංවිධානය කෙරෙන පළමු ලෝක කුසලාන සාමාජිකයින් පස් දෙනා බැගින් වන තරගාවලිය එළඹෙන 2024 ජනවාරි මස ඕමානයේ මස්කට් අගනුවර දී ක‍්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර හොකී සම්මේලනය පියවර ගෙන තිබේ. ඒ සඳහා කැඳවා ඇති කණ්ඩායම් සංඛ්‍යාව 16 කි.

මහද්වීප 05 කින් කණ්ඩායම් 03 බැගින් තෝරා ගෙන ඇති අතර සත්කාරක දේශය ලෙස ඕමානය මෙවර තරගාවලියට අවතීර්ණ වේ. ඒ අනුව ආසියාවෙන් නම් කෙරෙන කණ්ඩායම් සංඛ්‍යාව 04 කි.

 

 

Related posts

ධනුෂ්ක ට ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

ඉයන් බෙල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යයමණ්ඩල තනතුරක්

Editor O

“ෂේන් වෝන්ගේ මරණය සැක නෑ” – තායිලන්ත පොලිසිය

Mohamed Dilsad

Leave a Comment