ක්‍රීඩා

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලාංකිකයෙකුත්

(UTV | කොළඹ) – මැයි මාසයට අදාළ ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද (08) නිවේදනය කළේය.   

ඊට ශ්‍රී ලංකා නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද ඇතුළත්.

බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහු දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ප්‍රවීන් ජයවික්‍රම මෙලෙස නිර්දේශිත නාම අතරට එක්ව ඇත.

ඔහුට අමතරව පාකිස්තානයේ හසන් අලී සහ බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් ද නිර්දේශිත නාම අතරට අයත්.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන්, තරග විකාශකයින් ඇතුළත් ස්වාධීන මනාප ඇකඩමියක් විසින් ප්‍රේක්ෂක මනාපයන් ද සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය මාසිකව පිරිනමනු ලබයි.

Related posts

වනිදු හසරංගගෙන් වසර 49 කට පසු වාර්තාවක්

Mohamed Dilsad

මොයින් අලී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගනියි

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment