දේශීය

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කළ 141ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 223ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.   

ඒ සමග මේ දක්වා නිරෝධායනය රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10,073ක් දක්වා ඉහළගොස් තිබේ.

විවිධ ස්ථාන පරීක්ෂා කිරීම්, ජංගම වෙළෙඳුන් සම්බන්ධ පරීක්ෂා කිරීම් සහ බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ වාහන පරීක්ෂා කිරීම් රැසක් ඊයේ දිනයේ සිදුවූ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එහිදී බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ වාහන 2,049 පරීක්ෂා කර ඇත.

ඊයේ දිනයේ හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කර සංචරණ සීමා කඩ කරමින් ගමන් කළ 141ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

සඳුදා සිට සති දෙකක් යනතුරු සියලු මංගල උත්සව තහනම්

Mohamed Dilsad

ඩොලරයේ අගය තවත් ඉහළ නගී

Mohamed Dilsad

හිටපු යුද හමුදාපති ජෙනරාල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment