දේශීය

තවත් ස්පුට්නික් V එන්නත් මිලියන 6 ක්

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 6 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.   

පසුගිය මාර්තු 23 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 7ක් මිලදී ගැනීමට අනුමැතිය හිමි වූ අතර, එක් එන්නතක් සඳහා වැය කරන මුදල ඇමරිකානු ඩොලර් 9.95 ක්.

ඒ අනුව එම එන්නත් ප්‍රමාණයට අමතරව තවත් එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලට ගන්නා අතර ඒ අනුව මේ දක්වා මිලට ගැනීමට තීරණය කර ඇති ස්පුට්නික් එන්නත් සංඛ්‍යාව මිලියන 13 ක් පමණ වෙයි.

 

Related posts

154 වන පොලිස් දිනය අදයි

Mohamed Dilsad

පැලවත්තේ විරෝධතාවක්

Editor O

ඉඩම් නැති ජනතාවටනිසි ඔප්පු ලබාදීමට කටයුතු කරනවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment